Platonic love
ප්ලේටෝනික ආදරය
අතීතයේ දී ග්‍රීක දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ විසින් ආදරයට අධිපති ඊරෝස් දෙවියන් වෙනුවෙන් පැවැත්වූ සිම්පෝසියම් වලදී දැක්වූ අදහස් වලින් ප්ලේටෝනික ආදරය යන වචනය බිහිවී ඇත.
ප්ලේටෝනික ආදරය යනු භෞතික නොවන අලිංගික ආදරයයි. මෙය ඉතා පාරිශුද්ධ දිව්‍යත්වයට සමාන ප්‍රේමයක් ලෙස විග්රහ කරන අතර ප්‍රේමයට වඩා මිත්‍රත්වයට සමාන කමක් දක්වයි. සරලව කියනවා නම් අධ්‍යාත්මික ප්‍රේමයක්. ශාරීරික සංතෘප්තිය පසෙකලා අපගේ ආධ්‍යාත්මයට දැනෙන අපිව පරිපූර්ණ කරන ප්‍රේමයක්..
මට හිතෙන විදිහට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ,විශාරද නන්දා මාලිනියන්ගේ හඬින් ගැයුණු
"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි" ගීතයෙන් කියවෙන්නෙත් ඒ වගේ ප්‍රේමයක් ගැන කියලා.. ඒක මගේ පුද්ගලික අදහසක් හොඳේ...
ප්ලේටෝනික ආදරයක් ඇති වන්නේ විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතරයි. එය රොමාන්තික ප්‍රේමයෙන් වෙන් කරගැනීම ඉතා පහසුය.අපි බලමු ඒ කොහොමද කියලා.
ප්‍රේම සම්බන්ධතාවයක මෙන් නොව, ප්ලේටොනික ප්‍රේමවන්තයන් කිසි විටෙකත් අපි සමඟ නොසිටින නිසා ඔවුන් අපිව අත්හරිනු ඇතැයි යන බියක් ඇති වන්නේ නැත.
ප්ලේටෝනික් ප්‍රේමය ඉතා අවංක වේ . බොරු සෝබන පෙන්වීමට හෝ ප්රතිරූප මැවීමට අවශ්‍යතාවයක් නොමැත.මෙම අවංකකම බොහෝ වෙලාවල් වලට සහනයක් වෙනවා. මෙම අවකාශය තුල ඔබට ඔබ ලෙස ජීවත් වෙන්න පුලුවන් .
අප බොහෝවිට ප්ලේටොනික ප්‍රේමයකට යොමු කරවීමට මෙම අවංක කම බලපාන බව මගේ පුද්ගලික හැඟීමයි.
ප්ලේටෝනික ආදරයේ අඩිතාලම වන්නේ විශ්වාසයයි .ප්ලේටෝනික සබඳතාවලට ආරම්භයේ දී ශක්තිමත් සීමාවන් අවශ්‍ය වෙනවා ඒ විශ්වාසය ගොඩනැගීම සඳහා අපි මුලින් මුලින් සීමාවන්ට යටත්ව මිත්‍රත්වය පැවැත්වූවත් කාලය ගෙවී යත්ම ඇතිවන විශ්වාසය මත අපිට එම සීමාවන් කොතරම් පුලුල් කල හැකිද යන්න තේරුම් ගතහැකියි.
ආදර ප්‍රේමයෙන් ප්ලැටෝනික් ප්‍රේමය වෙන් කරන ප්‍රධාන දේ අපේක්ෂාවයි. අප අපගේ ආදරවන්තයා ගෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙමු, ඒ අප ආලය කරන සෑම පුද්ගලයෙකුම , අපගේ ජීවිත සහකරු හෝ සහකාරියගේ භූමිකාව සදහා තෝරාගැනීමේ අදහසින් ඇසුරු කරන නිසාවෙනි.
නමුත් ප්ලේටෝනික ප්‍රේමය ගැන සැලකිලිමත් වන විට, අපි මිත්‍රත්වයකට වඩා වැඩි යමක් අපේක්ෂා නොකිරීමට හෝ ඉල්ලා සිටීමට වගබලා ගනි. එවිට අපේක්ශාවන් සිමා සහිත වේ.
ප්ලේටෝනික ආදරය පරාර්ථකාමීයි..
අපගේත් සහකරුගේත් යම් ක්‍රියාවන් ආත්මාර්ථකාමී වීමේ හැකියාවක් තිබුණත් ප්ලේටෝනික සබදතාවයකදී අපට අවශ්‍ය වන්නේ අනෙකාට වඩාත්ම සුදුසු දෙයයි.
උදාහරණයක් ලෙස අපි මෙහෙම හිතමු ,
ඔබගේ ප්ලේටෝනික මිතුරා ප්‍රේම සබඳතාවයක් ආරම්භ කරනවා.එවිට ඔබගේ ප්‍රතික්‍රියාව වන්නේ ඔවුන්ට අවශ්‍ය
කාලය ලබා දීම සඳහා මදක් ඉවත් වීමයි. නමුත් ඒ ඉවත් වීම තාවකාලිකයි. මෙවැනි අවස්ථාවකදී ඔබ නිතරම තීරණ ගන්නේ ඔබේ මිතුරාගේ යහපත ගැන නිතරම සලකා බලමින් වීම විශේෂයි.
එකිනෙකාගේ වෙනස්කම් අඳුනාගැනීම සහ එම වෙනස්කම් වලට ගරුකිරීම මත ප්ලේටෝනික ආදරය රඳා පවතින බවයි මගේ හැඟීම....
අවසාන මගේ ප්රශ්නය .....
"ප්ලේටෝනික ප්‍රේමයක් රොමාන්තික ප්‍රේමයක් බවට පරිවර්ථනය විය හැකිද..?"
පුලුවන් නමුත් එමගින් සිදුවන්නේ ප්ලේටොනික ප්‍රේමයේ ලක්ශණ කෙමින් කෙමින් වියැකී යෑමයි.
හොඳම යාලුවන්ට ප්‍රේම වන්තයින් වෙන්න පුලුවන් ද කියන ප්‍රශ්නයත් මේ හා සමානයි...
ඒනිසා, ඔබේ සම්බන්ධතාවය අවංකව තබා ගන්න, එකිනෙකාගේ සීමාවන්ට ගරු කරන්න, අපේක්ෂාවන් අත්හරින්න, සහ ඔවුන්ට වඩාත්ම සුදුසු දේ කරන්න.
Great post
ReplyDelete👌😎
ReplyDelete❤🔥
ReplyDeleteGood post 💕🎉️
ReplyDelete🥺❤️
ReplyDelete