Positive thinking
ජීවිතය යනු ගමනකි. ධනාත්මක චින්තනය ජීවිතයේ එක් පියවරක් හෝ ඉදිරියටයාම ඔබ අප කාගේත් අරමුණක්. ඒ සදහා අප කවුරුත් වෙහෙසෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් තම ජීවිතය ගෙවා දමන ආකාරය ගැන බලනවිට ඔවුන් තමන්ට ලැබුණු මේ අගනා ජීවිතයෙන් නිසි ප්රයෝජනයක් ගන්නවද, තම ජීවිතය දෙස කෙතරම් සුභවාදීව බලනවාද යන්න පිලිබදව ඇත්තේ එතරම් සතුටුදායක තත්වයක් නොවෙයි. අද අප අතර ජීවත්වන වැඩි පිරිසක් තමන් ගැන හෝ තමන් ලද දේ ගැන එතරම් සෑහීමකට පත්වන්නේ නෑ. නිරන්තරයෙන්ම ඔවුන් පසුවන්නේ යම්කිසි අසුභවාදී ආකල්ප සමූහයක් සමග. මේ හේතුව නිසාම අද බොහෝ පිරිසකට එක් පියවරක් හෝ ඉදිරියටයාම ටිකක් අපහසු තත්වයකට පත්වී තිබෙනවා. එසේනම් ඒ තත්වය නැතිකරගෙන ජීවිත ගමනේ ඉදිරියට යා හැකි “ධනාත්මක චින්තනයක් ” ( Positive Thinking ) ඔබ තුල ගොඩනගා ගතහොත් ඔබට අද සිටිනා තැන සිට එක් පියවරක් හෝ ඉදිරියට යා හැකිවේවි. අප සෑමදෙනාගේම ජීවිතවල ඇති පරාජයන් හා ඇද වැටීම් බොහොමයි.ලොව දිනූ පුද්ගලයන්ගේ ජීවිත දෙස බැලූවිටද අපට පසක්වන්නේ ඔවුන්ගේ ජීවිතද මෙවැනි පරාජයන්ගෙන් හා ඇදවැටීම්වලින් යුක්ත වී ඇති බවයි. නමුත් වෙනස වන්නේ ඔවුන් ඒ පරාජයන් මතින් නැගී සිට ජීවිතය දෙස ධනාත්මක ආකල...
Comments
Post a Comment